Sunday, June 30, 2019
ධර්මයෙන් නිවනට
කුශල්වල විපාක ලැබීමට ප්‍රාර්ථනාවක් වුවමනා ද? ප්‍රාර්ථනාවක් නැති නම් විපාක නො ලැබේ ද?
අපායෙහි උපදින්නට පතන කෙනෙක් නැත. එහෙත් පව්කම් කළෝ මරණින් මතු අපායවල උපදිති. අකුශල කර්ම විපාක දීමට ප්‍රාර්ථනාවක් වුවමනා නො වන්නාක් මෙන් කුශල කර්මවලට විපාක දීමටත් ප්‍රාර්ථනාවක් වුවමනා නැත. ප්‍රාර්ථනාවක් ඇතත් නැතත් පින් කළ අය සුගතියෙහි උපදනාහ. එහෙත් පිනක් කළ කල්හි ප්‍රාර්ථනාවක් කිරීමෙහි ප්‍රයෝජනයක් ඇත්තේ ය. එනම් විපාකය තමා කැමති සැටියට ලබා ගැනීම ය. දන්දීම් ආදි වශයෙන් කාමාවචර කුශලයක් කළාම එයින් ඒ තැනැත්තාට මිනිස් ලොවත් ඉපදිය හැකි ය. වෘක්ෂ පර්වතාදියක දෙවියෙක් ද විය හැකි ය. චාතුර්‍මහාරාජිකාදි දිව්‍යලෝක සයෙන් යම්කිසිවක ද ඉපදිය හැකි ය. රූප සම්පත් ධන සම්පත් ආදි නොයෙක් සම්පත් ද ලැබිය හැකි ය. ප්‍රාර්ථනාවක් කළාම ඒ කුශලයෙන් ඉපදිය හැකි තැන්වලින් තමාට කැමති තැනක ඉපදී කැමති සම්පත්තියක් ලබා ගත හැකි ය.
ප්‍රාර්ථනාවක් නැති තැනැත්තාට උපදින තැන නියම නැත. මිනිස් ලොව උපදින කෙනකුට වුව ද ප්‍රාර්ථනා කළා ම සුදුසු පෙදෙසක සුදුසු කුලයක ඉපදිය හැකි ය. ප්‍රාර්ථනාවක් නැතිව මිනිස් ලොව උපදින තැනැත්තා හට සමහර විට පව්කම් නොකොට ජීවත් විය නොහෙන පෙදෙස්වල ද ඉපදිය හැකි ය. බොහෝ පව්කම් කරන මිසදිටු කුලවල ද ඉපදිය හැකි ය. එසේ උපන හොත් ඔහුට බොහෝ පව්කම් කරන්නට සිදු වන්නේ ය. එයින් අපාගත වීමෙන් ඔහුට සසර දික් වන්නේ ය. පව් නො කොට ජීවත් විය හැකි තුණුරුවන් පවතින සත්පුරුෂයන් වෙසෙන සත්පුරුෂ සේවනය ලැබිය හැකි පෙදෙසක, සම්‍යග්දෘෂ්ටික කුලයක උපන හොත් ඔහුට එහි ද බොහෝ පින් කොට සසර කෙටි කර ගත හැකි ය. ඉක්මනින් නිවන් දැකිය හැකි ය. එබැවින් පිනක් කළ කල්හි යම් කිසි සුදුසු ප්‍රාර්ථනාවක් කළ යුතු බව -
“ආකාසෙ ඛිත්තදණ්ඩො අග්ගෙන වා මජ්ඣෙන වා මූලෙන වා පතිස්සතීති නියමො නත්ථි. සත්තානං පටිසන්ධිගහණං අනියතං, තස්මා කුසලං කම්මං කත්වා එකස්මිං ඨානෙ පත්ථනං කාතුං වට්ටති.”
යනුවෙන් මජ්ඣිම නිකායේ සංඛාරුප්පත්ති සූත්‍ර අටුවාවෙහි “අහසට විසි කළ දණ්ඩ අගින් බිම වැටෙනවාය කියා හෝ මැදින් බිම වැටෙනවාය කියා හෝ මුලින් බිම වැටෙනවාය කියා හෝ නියමයක් නැත. එමෙන් සත්ත්වයන් ගේ ප්‍රතිසන්ධි ග්‍රහණය අනියත ය. එබැවින් කුශල කර්මයක් කොට යම් කිසි එක් තැනක් පැතිය යුතුය” යි දක්වා ඇත්තේ ය. ප්‍රාර්ථනාවක් වුවමනා නැත, ප්‍රාර්ථනා කළත් නොකළත් කුශලයේ විපාක ලැබෙනවා ය, නිවන පමණක් ප්‍රාර්ථනා කළා ම ඇතය කියා ඇතමුන් කරන අනුශාසනය ඉහත දැක් වූ සංඛාරුප්පත්ති සූත්‍ර අටුවාවට විරුද්ධ බව දත යුතු ය.
පින් කොට ප්‍රාර්ථනාවක් කරන්නහු විසින් නුවණින් එය කළ යුතු ය. සමහර විට නො මනා ප්‍රාර්ථනාවලින් තමාට පමණක් නොව අනුන්ට ද විපත් වේ. පෙර ලක්දිව අනුරාධපුරයේ විසූ ඒක දැරියක් චෛත්‍යයෙහි මල් පුදා “මේ පිනින් මම රූ ඇත්තියන්ගෙන් අග්‍ර වෙම්වා, ළහිරු මඩලෙන් මෙන් මාගේ ශරීරයෙන් රැස් විහිදේවා, මා දක්නා හැම පුරුෂයෝ ම කාමයෙන් මත් වෙත්වා, කිඳුරන් ගේ නාදය බඳු මිහිරි කට හඬ මට ඇති වේවා” යි ප්‍රාර්ථනා කළා ය. මේ ප්‍රාර්ථනාවෙන් ඇය ලැබූ රූප සම්පත්තිය නිසා රටවල් පසක රජවරුන් පස් දෙනකුන්ට සිය දිවි නසා ගන්නට සිදු විය. තරුණයන් පන්සිය දෙනකුන්ට උගැන්වීම කරමින් විසූ උද්දාල නම් බ්‍රාහ්මණ පණ්ඩිතයාට ද සිය දිවි නසා ගන්නට සිදු විය. උද්දාල බ්‍රාහ්මණයා ගේ ශිෂ්‍යයන් විසින් ඈ ද මරවනු ලැබුවා ය. මෙහි විස්තරය රසවාහිණියේ ස්වර්ණ තිලකා වස්තුවෙන් බලා ගත යුතු. බොහෝ භවභෝග සම්පත් පතන්නවුන්ට ද සංසාරය දික් වේ. සසර කොට කර ගැනීමට නම් පිනක් කළ කල්හි මේ පින් බලයෙන් ඉක්මනින් නිවනට පැමිණෙන්නට ලැබේවා යි පැතිය යුතුය.
*රේරුකානේ චන්දවිමල මහනාහිමි*
*ධර්ම විනිශ්චය* නම් ග්‍රන්ථයෙන්.

Friday, June 28, 2019
Thursday, June 27, 2019
Wednesday, June 26, 2019
Tuesday, June 25, 2019
Monday, June 24, 2019
Saturday, June 22, 2019
Friday, June 21, 2019
Thursday, June 20, 2019
Wednesday, June 19, 2019
Monday, June 17, 2019
Sunday, June 16, 2019
Friday, June 14, 2019
ගුරැ පරපුරට පැතුමක්
නෙතු ඉම කඳුලු පිරෙද්දී
සිත අද්දර සුසුම් නැගෙද්දී
සන්සුන් දැහැන් බිඳ
සිත් විල කැළඹෙද්දී
සිත සවි නොබිඳගෙන
කඳුලු අතරින් සිනාසෙන්නට
දිරිය දෙන ගුරැ මව් පියවරුනි
ඔබේ නාමය මහදේ
කිසිදා වියැකී නොයේ
පතන්නම් පැතුමක් හදවතින්ම
ඔබි නාමය මේ ලක් දෙරණ මත
විකසිත වන්නට.........!!!
(ඉෂූ )
Thursday, June 13, 2019
සරසවි ජීවිතය
නිසල මාවතක නොසැලී ආ ගමන් මඟෙහි
අඩක නිමාව සනිටුහන් විය සරසවි අසපුවෙහි
ඉදිරියට යන්නට ශක්කිය දරාගෙන හිතෙහි
පියවර මැන්නෙමි රුදුරු ජීවන මං තෙරෙහි
අඩක නිමාව සනිටුහන් විය සරසවි අසපුවෙහි
ඉදිරියට යන්නට ශක්කිය දරාගෙන හිතෙහි
පියවර මැන්නෙමි රුදුරු ජීවන මං තෙරෙහි
පලමු වසරත් නොදැනීම ගතවිය සරසවියේ
කෙලෙසක කියන්නද සැප දුක් එහි ලැබුවේ
මතක රැස් ගොඩක් තෙරපෙයි හද පතුලේ
කෙතරම් සුන්දර ද ගත වූ එම කාලේ
කෙලෙසක කියන්නද සැප දුක් එහි ලැබුවේ
මතක රැස් ගොඩක් තෙරපෙයි හද පතුලේ
කෙතරම් සුන්දර ද ගත වූ එම කාලේ
එලෙසම තිබේ තෙවසක් තව ගත වෙන්න
සරසවි බිමේ සොඳුරුම දේ විඳගන්න
එකලත් ගත වෙයි ද මටවත් නොදැනෙන්න
හැර යන දාට හැකි වෙද දුක උහුලන්න
සරසවි බිමේ සොඳුරුම දේ විඳගන්න
එකලත් ගත වෙයි ද මටවත් නොදැනෙන්න
හැර යන දාට හැකි වෙද දුක උහුලන්න
(ඉෂූ)
Sunday, June 9, 2019
හදවතින් පණිවිඩයක්
හැමෝම උඹ වගේ
ඇති කියලා
හිතනවද තවම.....
මතක තියාගනින්,
අපිට හැමදාම වැරදුනේ
අන්න එතන...
(ඉෂූ )
ඇති කියලා
හිතනවද තවම.....
මතක තියාගනින්,
අපිට හැමදාම වැරදුනේ
අන්න එතන...
(ඉෂූ )
Friday, June 7, 2019
අපූර්ව සඳ
පාස්කු ඉරිදාවේද
වෙසක් පෝ දිනයේද
කඳුලු වැගිරූ සඳ නුඹ,
රාමසාන් දා
අහසේ පායා
කලඑළියට සිනාසුනු අපූරුව......
( ඉෂූ )
වෙසක් පෝ දිනයේද
කඳුලු වැගිරූ සඳ නුඹ,
රාමසාන් දා
අහසේ පායා
කලඑළියට සිනාසුනු අපූරුව......
( ඉෂූ )
Thursday, June 6, 2019
❤️පිය සෙනෙහස❤️
ඉරට වඩා ඔබ එළියයි...
සඳට වඩා ඔබ එළියයි...
අඳුරු ලෝකයෙන් එළියට යන්නට...
සෙනෙහස දුන්නේ ඔබෙි හදයි.....
( ඉෂූ )
Sunday, June 2, 2019
අරුමයක්
මැදින් බෙදුණු රබර් බටේ
කන් දෙකොනේ රඳවාගෙන
හදවත මතුපිට තබමින්
ලෙඩ හොයන්න හරි දස්සයි
දුක් දොම්නස් නැති බැරිකම්
සැඟවී ඇත්තෙත් ඔතනයි
කාසි වැටෙන හඬ යටකර
එවැනි හදක් හඬන හඬක්
රබර් බටේ දිගේ ඇවිත්
දෙසවන නොවැටෙන අරුමය
( ඉෂූ )
Subscribe to:
Posts (Atom)
පැරණි ජීවනෝපාය ක්‍රම හා බැදුණු සිරිත් විරිත් (සාම්ප්‍රදායික සන්නිවේදනය)
සිරිත් විරිත්,ඇදහිලි විශ්වාස යනු රටක සංස්කෘතිය පිළිබිඹු කෙරෙන එක් පැතිකඩකි. මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග මුල්කර ගනිමින් විවිධ සිරි...
-

වර්තමානයේදී ජනමාධ්‍ය මුල් කොට ගනිමින් ලෝකයේ පවතින සන්නිවේදන ක්‍රියාදාමය පිලිබද විමර්ශනයේදී අනාවරනය වන්නේ එය දීර්ඝ කාලීන විකාශනයක ප්‍රථිඵලයක...