Wednesday, April 3, 2019

කොළඹ ගැන පොත් දෙකක්
අතීත කොළඹ ගැන ලියවුනු මේ පොත් දෙක කියවූ මගේ හිතට නැගුනේ 1900 හෝ ඊට පෙර සිට බහු වාර්ගික බහු සංස්කෘතික සන්ධිස්ථානයක් ලෙස නාගරීකරණය වූ ඒ කොළඹ, අද එම විවිධත්වයෙන් ඈත්වී යනවාද, පෝට් සිටි ඇති වීමත් සමග නගරය යන්නේ කොයිබටද, යන ප්‍රශ්නාර්ථයන්ය.  හොද පොතකින් අප බලාපොරොත්තු වන්නේ ලස්සන කතන්දරයක් කියවීමෙන් ලැබෙන වින්දනයක් මෙන්ම අලුත් ප්‍රශ්න කෙරේ අපව යොමු කිරීමක්ය.  මේ පොත් දෙකෙන් අඩු වැඩි ලෙස ඒ දේ සිදු කෙරෙන බව මගේ මතයයි.
වසර 2018 පලවූ මොහාන් රාජ් මඩවලගේ “කලම්බො” පොතේ කතා නායිකා එලිසබෙත්ගේ ආච්චි හා සීයා වන ඒබරන් හා අවුරලියා විවාහ වෙන්නේ 1900 මුල් දශකයේ විය හැකි යයි මා අනුමාන කරමි. එයට හේතුව 1917 ඔක්තෝබර් විප්ලවය වන විට “රුසියාවේ අලුත් ආණ්ඩුවක් පිහිටුවලා ලෙනින් කියලා මිනිහෙක්” යන පැහැදිලි කිරීම තේරුම් ගත හැකි වයසේ  පුතෙකු ඒබරන්ට ඒ වන විට සිටීමයි.  ඔවුනගේ  මිනිබිරිය එලිසබෙත් ලෙස නම් කෙරෙන්නේ ඇය එම රැජින උපන් 1926 වසරේ එකම මාසේ එකම දවසෙම උපන් නිසාය.  

පැරණි ජීවනෝපාය ක්‍රම හා බැදුණු සිරිත් විරිත් (සාම්ප්‍රදායික සන්නිවේදනය)

             සිරිත් විරිත්,ඇදහිලි විශ්වාස යනු රටක සංස්කෘතිය පිළිබිඹු කෙරෙන එක් පැතිකඩකි. මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග මුල්කර ගනිමින් විවිධ සිරි...